Posted on 08.12.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පසුගියදා නම් කෙරුණු තානාපතිවරුන් අතරින් ඕස්ට්‍රේලියාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් ජනාධිපති නීතීඥ හා මානව හිමිකම් පිළිබඳ ප්රමුඛ පෙළේ ක්‍රියාකාරී නීතීඥවරයෙකු වන ජේ. සී. වැලිඅමුණ නම් කර ඇතැයි වාර්තා වේ. මැලේසියාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් කපිල ජයම්පති නම් කර තිබේ.
විදෙස් රටවල් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස නම් කර ඇති 13 දෙනාගේ පත්වීම්වලට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර තිබුණි.
ජේ. සී. වැලිඅමුණට සහ එයාර් චීෆ් මාෂල් කපිල ජයම්පතිට අමතරව නයිජීරියාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ. එස්. ඛාන් , කුවේට් සඳහා ශ්‍රී ලංකා තානාපති යූ. එල්. මොහමඩ් ජවුහර් , කොරියානු ජනරජය සඳහා ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ඒ. එස්. යූ. මෙන්ඩිස් , ජෝර්දානය සඳහා ශ්‍රී ලංකා තානාපතිනි එස්. ශානිකා දිසානායක , වියට්නාමය සඳහා ශ්‍රී ලංකා තානාපති ඩබ්. ජී. එස්. ප්‍රසන්න , නේපාලය සඳහා ශ්‍රී ලංකා තානාපතිනි හිමාලි අරුණාතිලක, කියුබාව සඳහා ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක, ඉතියෝපියාව සඳහා ශ්‍රී ලංකා තානාපති පී. ආර්. එස්. සුගීෂ්වර ගුණරත්න සහ ලෙබනනය සඳහාද පත් කරනු ලැබ ඇත.
මාලදිවයින සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් හිටපු අතිරේක මිනුම්පති නිමල් කරුණාරත්න සහ කටාර් සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපදේශක හා ව්‍යාපාරික කිත්සිරි ඇතුලත්මුදලි පත් කර ඇත.
ශ්‍රී ලංකාව විදේශ රටවල තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල පනස් දෙකක් පවත්වාගෙන යන අතර මෙම නව පත්කිරීම සමඟ එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් සියයට 54 ක් වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් යැයි ද අමාත්‍යාංශය කියා සිටී.