Posted on 03.25.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මහජන යහපත අරමුණු කරගෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් අයදුම්පත් දෙකක් ගොනු කරනු ලැබු බව එම සංගමය නිවේදනය කරයි.
BASL සභාපති සාලිය පීරිස්, නියෝජ්‍ය සභාපති අනුර මැද්දේගොඩ, ලේකම් රජීව් අමරසූරිය, භාණ්ඩාගාරික රාජින්ද් පෙරේරා සහ සහකාර ලේකම් පසිඳු සිල්වා විසින් මෙම මූලික අයිතිවාසිකම් අයදුම්පත් ගොනු කර ඇත. ඔවුන් සිය අයදුම්පත්වලින් දක්වා ඇත්තේ වගඋත්තරකරුවන් ඇතුළු රජයේ පියවර ගැනීම් මෙන්ම පියවර නොගැනීම් හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව හෝ කඩකිරීමේ තර්ජනයට ආසන්න බවය.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, කැබිනට් ඇමති මණ්ඩලය, මහ බැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නම් කර ඇත.