தமிழ்
English
Contact
Friday 29th May 2020    
නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට



පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව නිතීඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එහි උසස් පොලිස් නිලධාරියකු පවසා තිබේ.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මෙම නිතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප‍්‍රදේශයේදී බවද එම නිලධාරීයා සඳහන් කර ඇත.

මෙම සිද්ධියටම අදාළව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් යන අයද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ වන විට මොවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රදවා ප‍්‍රශ්න කිරිම් සිදුකරනු ලබන බව වාර්තා වේ .