தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
නීතිය අනුව මාධ්‍ය නාළිකා පාලනය කිරීම ගැන සාකච්ඡා කළා - මාධ්‍ය ඇමති පිළිගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නීතිය අනුව මාධ්‍ය නාළිකා පාලනය කිරීම ගැන සාකච්ඡා කළා – මාධ්‍ය ඇමති පිළිගනී



(TopNews) රටේ සාමය නැති කිරීමට කටයුතු කරන කිසියම් මාධ්‍ය නාලිකාවක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මාධ්‍ය ඇමතිවරයා ලෙස තමා පසුබට නොවන ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

මාධ්‍ය නාලිකා යනු ජනතාවගේ දේපලක් මිස කාගේ හෝ පෞද්ගලික බූදලයක් නොවන බව ද එවැනි මාධ්‍ය සම්බන්ධයෙන් නීතියේ රාමුව තුළ ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමේ වගකීමක් තමාට පැවරී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය. එසේම සාවද්‍ය පුවත් ප්‍රචාරය කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් පැහැදිළි නියාමනයක් අවශ්‍ය බවද ජනමාධ්‍ය ඇමතිවරයා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. එම අවස්ථාවේ ඇමතිවරයාට යොම් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මාධ්‍ය ආයතන, නාලිකා මගින් ජනතාවට තොරතුරු ලබාගැනීමේ අයිතිය පාලනය කරන්න ආණ්ඩුව සූදානම් වන බවට මතයක් රට තුළ ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ විපක්‍ෂනායකතුමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් බව කීය. ඇමතිවරයා කියා සිටියේ නීතීඥවරු ගෙන්වා රහසිගත සාකච්ඡාවක් කරන්නේ නීතිගරුකව කයුතු කළ යුතු නිසා බවය. නීතිය තුළ ක්‍රියාත්මකවීමට ඇති ප්‍රතිපාදන භාවිතා කර නීතිය තුළ කටයුතු කිරීම නීතීගරුක පුරවැසියකුගේ ලක්‍ෂණයක් බවත්, පාතාල සාමාජිකයින් ගෙන්වා සාකච්ඡාවක් පැවැත්වූ බව කීවේ නම්, කුරුඳුපොලු කණ්ඩායම් ගෙනත් හෝ අරලියගහ මන්දිරයේදී පෞද්ගලික හේතු මත යම් යම් අයට නඩු පැවරීම ගැන සාකච්ඡාවක් කළේ නම් ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවද මාධ්‍ය ඇමතියවරයා සඳහන් කළේය.