தமிழ்
English
Contact
Friday 14th August 2020    
නීතිය හා විනය රකින බව කී ජනාධිපති, ලලිත්-කුහන් අතුරුදන්වීම ගැන හෙළිකරන්න අධිකරණයට එන්න බැරිලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නීතිය හා විනය රකින බව කී ජනාධිපති, ලලිත්-කුහන් අතුරුදන්වීම ගැන හෙළිකරන්න අධිකරණයට එන්න බැරිලු!



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරට නීතිය හා විනය ඇති කරන බවට පොරොන්දු වුවද ඔහු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සමයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන අතුරුදන් කරනු ලැබූ ලලිත් කුමාර් හා කුහන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධ දන්නා දේ අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට නියෝග කිරීම වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇත.

2012 දෙසැම්බර් 9 වැනිදා යාපනයේදී ආරක්ෂක අංශ විසින් පැහැරගනු ලැබ පසුව ආරක්ෂක අංශ භාරයේ සිටින බවට ආරක්ෂක මණ්ඩලයේදී ප්‍රකාශ කෙරුණු ලලිත් හා කුගන් පිළිබඳ මේ දක්වා ඥාතින්ට තොරතුරු සොයාගත නොහැකිව තිබේ. ඒම නිසා ඔවුන් විසින් හබයාස්කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ් සම්බන්ධ විමර්ශනයකර වාර්තා කරන ලෙස යාපනය මහාදිකරණයට නියෝග කරනු ලැබ තිබේ. මෙම පෙත්සම් විභාගය අනුව ඒවකට ආරක්ෂක මන්ඩලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේ කරුණු දැක්වීම අවශ්‍ය බැවින් ඔහු සාක්ෂිකරුවක් ලෙස කැඳවන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා සිටින ලදී. ඒ් අනුව, ගෝඨාභය රාජපක්ෂ වෙත කළ නියෝග විවිධ හේතුමත නොතකා හරින ලද අතර පසුව ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇති නිසා අධිකරණයට කැඳවීමේ නියෝග වළක්වන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන ලදී. ඒම පෙත්සම අද(14) අභියාචනාධිකරණය හමුවේ කැඳවන ලදී. ඒහිදී ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා ලෙස අධිකරණයට කැඳවීමට බලයක් නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොමේශ් ද සිල්වා කරුණු දක්වන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය යටතේ ජනාධිපති සතු මුක්තිය ප්‍රකාරව මෙම කරුණු දක්වන ලදී.

එහෙත් අතුරුදන් කරන ලද දෙදෙනාගේ ඥාතින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ විසින් කරුණු දක්වන ලද්දේ ජනාධිපතිවරයා සාක්ෂිකරුවකු ලෙස අධිකරණයට කැඳවීමකදී ඉහත කී මුක්තිය අදාළ නොවන බවය. ඒසේම ජනාධිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමෙන් කරුණු දක්වා ඇත්තේ ජනාධිපතිවන්නට පෙර තමන්ගේ ජීවිතාරක්ෂාවට අවදානමක් ඇති නිසා අධිකරණය හමුවේ පෙනී සිටීම වළක්වන ලෙස බව පෙන්වා දෙමින් නීතිඥවරයා පනේවා දුන්නේ මේ වනවිට ඒම තර්කය මත අධිකරණය හමුවේ කරුණු දැක්වීය නොහැකි බවත් ජනාධිපති මුක්තිය යටතේ කරුණු දැක්වීම පිළිගත නොහැකි බවත්ය..