தமிழ்
English
Contact
Sunday 20th January 2019    
නීති උපදේශකයින් ජනාධිපතිට ලණු දෙනවා - නීතිඥ එකමුතුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නීති උපදේශකයින් ජනාධිපතිට ලණු දෙනවා – නීතිඥ එකමුතුව



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපතිවරයාට නීති උපදෙස් ලබාදුන් උපදේශකවරුන් එම උපදෙස් ලබා දුන්නේ සද්භාවයෙන්ද කියා නැවත වරක් සිතා බැලිය යුතු බව නීතිඥ සුනිිල් වටගල පවසයි.

නීතිඥ එකමුතුව විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ ඔහු මේ අදහස් පළකර තිබේ.

“අපි දැක්කා ජනාධිපතිවරයා එදා ප්‍රකාශය කරද්දී කීවා එතුමා කරපු හැමදේම කළේ තනිවම නොවන බවත්, ජනාධිපති නීතිඥ මහතුන්ගෙනුත්, ප්‍රවීණයන්ගෙනුත් අදහස් විමසලා තමයි එහෙම කළේ කියලා කිව්වා.

නමුත් ඒ කරපු ක්‍රියාවන් රටේ ඉහළම අධිකරණ දෙකක වාද විවාදයට ලක් වුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ඒ ගැසට් නිවේදනය බල රහිත කරන්න කියලා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් මඟින් කරුණු විමර්ශනය කරලා අතුරු නියෝගයක් ලබා දුන්නා.

එතකොට හත් දෙනකුගේ විනිශ්චය මණ්ඩලයක් දීලා ඒ හත් පුද්ගල මණ්ඩලයෙන් ඒකමතිකව තීරණය කරලා තමයි මේ තීන්දුවට ආවේ. එතකොට මේ තීන්දුවෙන් කියන්නේ ජනාධිපතිතුමා කරපු ක්‍රියාව නීති විරෝධී බව.

ජනාධිපතිතුමා ජාතිය අමතලා කීවේ එතුමාට නීති උපදේශකයන් උපදෙස් දුන්නා කියලා. හරිම ලණුවක් එතුමාට දීලා තියෙන්නේ. නීතිපතිතුමා නම් නොමිලේම කඩේ ගියා.කවුරු හරි එතුමාට උපදෙස් දුන්න කෙනෙක් හිතලා බලන්න ඕනි සද්භාවයෙන්ද ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේ කියලා.”

එසේම මෙහිදී අදහස් දක්වමින් නීතිඥ ජේ.සී.වැලිඅමුණ පැවසුවේ
“මම දැක්කා ඊයේ පත්තරවලත් අදත් දිගටම තියෙනවා ජනාධිපතිවරයා විසින් යම් යම් අමාත්‍යාංශවලට අදාළ කාර්යයන් සහ විෂයන් තමාගේ භාරයේ තබා ගන්නවා කියන ප්‍රකාශයක් කරලා තියෙනවා. මම විශ්වාස කරන්නෑ නීතිය පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක් ජනාධිපතිවරයාට එවැනි දෙයක් කරන්න පුළුවන් කියලා උපදෙස් දෙයි කියලා.”

” දැන්වත් මම හිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන බැලුවොත් තේරෙයි ජනාධිපතිවරයාට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව විෂයන් හා කර්තව්‍යයන් 3ක් පමණයි තියා ගන්න පුළුවන් කියලා.”