தமிழ்
English
Contact
Monday 6th July 2020    
නීති විරෝධී අවමංගල්‍යයක් සංවිධානය කර රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරියට බාධා කළා - මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නීති විරෝධී අවමංගල්‍යයක් සංවිධානය කර රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරියට බාධා කළා – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය



හිටපු ඇමති ආරුමුගම් තොණ්ඩමන්ගේ අවසාන කටයුතු නිරෝධායන නීති අනුව කළ යුතුව තිබියදී නිරෝධායන නීති සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අවමංගල්‍යයක් සංවිධානය කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ආරම්භයේ සිටම කොරෝනා ආසාදන ව්‍යාප්තිය වැළැක්වීමට එරෙහිව දිවා රෑ නොබලා කටයුතු කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ක්ෂේත්‍ර නිලධාරින්, රෝහල් කාර්ය මණ්ඩල කළ සේවය අවතක්සේරු කරමින් වැරදි පූර්වාදර්ශයක් සපයා ඇතැයි ද ඔහු ගේ අස්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක සදහන් වේ.

ඒසේ නීති විරෝධී කටයුතු සංවිධානය කළ පුද්ගලයකු විසින් රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමට අමතරව තර්ජනයක්ද සිදුකර ඇති බව උපුල් රෝහණ පවසයි. එම අවමඟුලේ කටයුතු සංවිධානය කරමින් සිටි එක් පුද්ගලයෙක් නිරෝධායන පනතේ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දුරකතනයෙන් තර්ජනය කළ බවට වාර්තා වී ඇතැයි ද හෙතෙම කියයි. නීති ගරුක රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරිය බාධා කිරීම සම්බන්ධව හා ඊට අනුබල දුන් අය සොයා බලා නිසි පියවර ගන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියයි.

මේ හේතු මත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමඟුල් කටයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඩ් 19 ආසාදනය වුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව කටයුතු කිරීම පිළිබදව නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අනතුරු අඟවයි.

කෙසේවෙතත් කොරෝනා වසංගත තත්වය යටතේ මෙවැනි විශාල අවමංගල උථ්සවයක් සංවිධානය කිරීමේදී රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් ඒයට රජයේ නිලභාවයද ලබාදී ඇති බව දේශපාලන විවේචකයන්ගේ අදහසයි. ඒ් නිසා ඒසේ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා මෙම අවමංගල්‍ය පැවැත්වීමෙන් සිදුවන අනීතික තත්වයට වගකිව යුතු බව ඔවුන් විසින් පෙන්වා දී ඇත.