தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වැසෙයි - එළවළු මිල තවත් ඉහළ යන ලකුණු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වැසෙයි – එළවළු මිල තවත් ඉහළ යන ලකුණු



නුවරඑළිය එළවලු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ආර්ථික මධ්‍යස්ථානය ඊයේ දින සිට වසා දමා තිබේ.

සිය වගාවන්ට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

එම තීරණයත් සමග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබුණි.

මේ පිළිබඳව අදහස් දැක්වු, සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති, අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසා ඇත්තේ පොහොර නොමැතිවීම හේතුවෙන් අස්වැන්න අඩුවීම නිසා එයට විරෝධය දැක්වීමක් වශයෙන් ගොවීන් එළවලු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එසේම මෙවැනි පසුබිමක ඒවායේ මිල ගණන් දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළයමින් පවතින බව දක්නට ලැබේ.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ පමණක් නොව දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග සීමාවීමක් දක්නට ලැබෙමින් පවතියි.