தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
නුවරඑළිය - මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ ගැටලු වහා විසදනු! - නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නුවරඑළිය – මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ ගැටලු වහා විසදනු! – නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය



නුවරඑළිය – මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ අඩුපාඩු නිසා ප්‍රදේශවාසී ජනතාවගේ රෝග පීඩාවන්ට නිසි ප්‍රතිකාර ලබා ගැනීමේ අපහසුතා ඇතුළු සෞඛ්‍ය අයිතිය අහිමි කිරීම සම්බන්ධව ජනතාව හමුවී අදහස් විමසීමේ හා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය විසින් අද(23) සිදුකරන ලදී.

රෝගී සත්කාරයේ විවිධ ගැටලු මතුවීම සම්බන්ධව හා රෝහලේ දෛනික කටයුතු පවා පවත්වාගෙන යාමේ අපහසුතා පිළිබඳව මෑත කාලයේ ප්‍රදේශවාසීන් එක්ව උද්ඝෝෂණයක් සිදුකර තිබූණි. වෛද්‍ය , හෙද, මහජන සෞඛ්‍යය පරීක්ෂක , කනිශ්ට කාර්යය මන්ඩල ආදී සෞඛ්‍යය සේවකයන්ද ඇතුලත් නිදහස් සෞඛ්‍යය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් කන්ඩායමක් අද දින ප්‍රදේශවාසීන් හමුවී දැනුවත් කිරීමේ හා අදහස් ලබාගැනීමේ වැඩසටහනක් දියත්කරන ලදී. නල්ලතන්නිය , මරේ වත්ත, වාලමලේ වත්ත, සීතගගුලගම, ලක්ශපාන වත්ත ආදී ප්‍රදේශ කිහිපයක වතුකම්කරුවන්, සුලු ව්‍යාපාරිකයන් හා විවිධ රැකියාවල නියුතු පිරිසක් සමග අදහස් හුවමාරු කරගත්තෙමු. එහිදී සියල්ලෝම පාහේ මස්කෙළිය රෝහලේ අඩුපහසුකම් තත්ත්වයෙන් විඳින පීඩාවෙන් හෙම්බත්ව කෝපය මුසු කලකිරීමකින් අදහස් දැක්වූහ.

ඔවුන් පළ කළ අදහස් අනුව ප්‍රධාන අවශ්‍යතා මෙසේය.

1. අවම වශයෙන් තවත් වෛද්‍යවරු දෙදෙනෙකුවත් සේවයේ යෙදවීම.

2.සතියකට එක් දිනක්වත් විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය ලබාදීම.

3.x-ray පරීක්ෂණ පහසුකම් ලබාදීම.

4.රසායනාගාර පරීක්ෂණ පහසුකම් ලබාදීම.

5.අනෙකුත් කාර්යය මන්ඩල ප්‍රමාණවත් පරිදි සේවයේ යෙදවීම.

6. අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසදුම් ලබාදීම.

7.වසර 5ක් තිස්සේ අක්‍රියවී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා කරදීම.

8.නේවාසික රෝගී සත්කාර සේවා විදිමත් කිරීම.

9.කාර්‍ය්යක්ශම ගිලන්රත සේවයක් ලබාදීම.

10. පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා නාවලපිටිය රෝහලට යෑමට සිදුමෙන් ඇති වන අපහසුතාවයන්ට පිලියම් යෙදීම.

11. ගැබිනි වාට්ටුව විදිමත් කර දරු ප්‍රසූති පහසුකම් යලි ස්තාපිත කිරීම.

මෙවැනි ඉතාමත් සාධාරණ ඉල්ලීම් ගණනාවක් ප්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කරනු ලැබිණි. තමන් කොපමණ දුර බැහැර ප්‍රදේශයක ජීවත් වූවත්, කොපමණ ආර්තික අගහිඟකම් වලින් පීඩා වින්දත් තමන්ටද ජීවත්වීමට ඇති අයිතිය බලධාරීන් විසින් පිලිගෙන මෙම ගැටලු ඉක්මනින් නිරාකරණය කරදිය යුතු බව ඔවුන් විසින් අවධාරණය කරන ලදී. මෙම ගැටලුවලට ඉක්මන් විසදුම් නොලැබුනොත් නිදහස් සෞඛ්‍යය සඳහා ජනතා ව්‍යාපාරය මස්කෙළිය ජනතාවගේ සෞඛ්‍යය අයිතිය දිනා ගැනීම සඳහා වූ සටනක් ආරම්භ කරන්නට ජනතාව සමග එක්වන්නට තීරණය කර ඇත.