தமிழ்
English
Contact
Monday 17th June 2019    
නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් නෙවෙයිලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් නෙවෙයිලු!



නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් නොවන බවත් රජය විසින් පවත්වාගෙන යනු ලබන රෝහලක් බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නිවේදනයෙන් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය වන බවකි. 2017 ජුනි මස ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව අගෝස්තු 01 වැනි දින සිට නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා රජයට පවරා ගනිමින් සේවා පවත්වාගෙන යන බවද අදාළ නිවේදනයෙන් ප්‍රකාශ වේ.

කෙසේවෙතත් රෝහලේ මෙහෙයුම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පාලක මණ්ඩලයක් විසින් රෝහල් පරිපාලන කටයුතු පවත්වාගෙන යන බව සෞඛ්‍ය අමාතාංශය පවසයි. මාසිකව රුපියල් මිලියන 250 බැගින් රජය වැය කරයි. රෝහල ඉදිකර කර ඇති ඉඩමේ හිමිකාරීත්වය ද නාගරික සංවර්ධන අධිකාරිය සතු වන අතර වෛද්යේ නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් ලබාගෙන ඇති ණය මුදල සම්බන්ධයෙන් රජය විසින් කිසිදු ගෙවීමක් මෙතෙක් සිදුකර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයෙන් පවසයි.