தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
නේපාලයේ ඉගෙනුම ලබන ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් අවදානම් තත්ත්වයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නේපාලයේ ඉගෙනුම ලබන ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් අවදානම් තත්ත්වයක



කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ පොක්කාරා හි පිහිටි මනිපායි වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීම නිසා එම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් 88 දෙනෙකු සහ කත්මන්ඩු වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් ඇතුළු 100 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමීණීමට නොහැකිව සිටින බව වාර්තා වේ.

වයිරස පැතිර යන අවස්ථාවක නේපාලය තුල සංවිධානාත්මක සෞඛ්‍ය සේවාවක් නොමැති වීමත් , නේපාලයේ සංචාරක ආකර්ෂණීය ස්ථානය වූත් , කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 200 ක් ඈතින් පිහිටි විදේශිකයින්ට බහුල ප්‍රදේශයක මනිපාල් වෛද්‍ය පීඨය පිහිටීමත් නිසා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන්ගේ තත්ත්වය අවදානම් බවද මානිපාල් වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවකගේ පියෙකු වන වෛද්‍ය එස්.කස්තුරි පවසා තිබේ.

එහෙයින් කෙසේ හෝ තම දරුවන් නැවත ලංකාවට ගෙන්වා දෙන්නැයි රජයෙන් හා අදාළ බලධාරීන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඔහු පවසයි.

මේවන විට එහි පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට පැමිණීමට අපේක්ෂායෙන් සිටියද , මෙරට කටුනායක ගුවන්තොටුපොළ වසා දැමීමමෙන් දැනට ක්‍රියාත්මක ගුවන් සේවා වලින් හෝ තම දරුවන්ට පැමිනීමට නොහැකි වීමෙන් ඔවුන් තවත් අසරණ වී ඇති බවද වෛද්‍ය කස්තුරි පවසා ඇත.