தமிழ்
English
Contact
Friday 22nd November 2019    
නොමිලේ පොහොර ලබා දෙනවට මම විරුද්ධයි - මෛත්‍රීපාල සිරිසේන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නොමිලේ පොහොර ලබා දෙනවට මම විරුද්ධයි – මෛත්‍රීපාල සිරිසේන



ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයන් කරන ප්‍රකාශවලට තමා විරුද්ධ බව මෛත්‍රීපාල සිරිසේන පවසයි. රසායනික පොහොර නොමිලේ ලබාදීම නොව සිදුකළ යුත්තේ රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී ඒ වෙනුවෙට කාබනික පොහොර භාවිතය සඳහා ගොවීන්ට පහසුකම් සැලසීම බව මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා, නොමිලේ රසායනික පොහොර ලබාදීම සඳහා සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අඹන නව නගරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ වනවිට ලොව බොහෝ රටවල් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය වර්ධනය කරමින් තිබියදී රටේ අනාගත නායකයන් තව තවත් වැඩියෙන් රසායනික පොහොර ලබාදෙන බවට සිදුකරන පොරොන්දු අනුමත කළ නොහැකි බව ජනාධිපතිවරයා පවසා ඇත.

නොමිලේ ලබාදීම සඳහා ‍රසායනික පොහොර පිටරටින් ආනයනය කරන්නේ නම් ඒ සමගම වකුගඩුද පිටරටින් ආනයනය කිරීමට සිදුවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.