தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
නොරොච්චෝලේ නැවතත් වසා දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නොරොච්චෝලේ නැවතත් වසා දමයි



අලුත්වැඩියා කටයුතු හේතුවෙන්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු විදුලිබලාගාර ඒකකයේ කටයුතු තාවකාලිකව නවතාදැමීමට තීරණය කර තිබේ. ජාතික විදුලිබල සැපයුමට මේ හේතුවෙන් මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමිවන බවද පැවසේ.

මෙම ඒකකය දින 100ක කාලයක් වසාදමන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසා ඇත.

මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඒකක තුනක් මෙගාවොට් 300ක් ධාරිතාවක් නිකුත්කරමින් ක්‍රියාත්මකව පවතී. පසුගියදා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිවුවැනි අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණි.

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් සිදුවන විදුලි අහිමිවීමේ තත්වය මගහරවා ගැනීම සඳහා තම අමාත්‍යංශය විකල්ප ක්‍රමවේද යොදාගන්නා බවද ඇමතිවරයා පවසා ඇත.