தமிழ்
English
Contact
Friday 29th May 2020    
නොරෝච්චෝල බලාගාරයේ සේවකයන්ට කොරෝනා නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නොරෝච්චෝල බලාගාරයේ සේවකයන්ට කොරෝනා නැහැ



නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ හදිසියේ අසනීපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබදව ලැබුණු වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක පවසා තිබේ.

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ මානව සම්පත් හා ගිණුම් ඒකකයේ සේවය කරනු ලබන සේවකයින් 9 දෙනෙකු හදිසියේ උණ හා උගුරු අමාරුව යන රෝග ලක්ෂණ මතු වි පුත්තලම මුලික රෝහලේ විශේෂ කොරෝනා ඒකකයට 22 දින ඇතුලත් කර තිබුණි.

එහිදි අදාල පිරිස පී.සීආර්. පරීක්ෂණයට ලක් කර තිබේ.

කෙසේ වෙතත් මෙම තත්වයත් සමග ලක් විජය බලාගාරයට 22 දින සේවයට පැමින සිටි 600 කට ආසන්න සේවක පිරිස ආපසු නිවෙස් වෙත නොයවා ඔවුන් නේවසිකාගාර තුළ රැදවිමට ලක් විජය බලාගාර පාලනාධිකාරිය කටයුතු කර ඇත. පරීක්ෂණ වාර්තා නිකුත් වීමත් සමඟ එම සේවක පිරිසට නිවෙස් වෙත යාමට කටයුතු සළසන බවද පාලනාධිකාරිය පවසා ඇත.