Posted on 10.17.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත් අතර මගී ප්රවාහනය වෙනුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයේදී මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධ සහන නොමැති නිසා බස් ධාවනය නොවැම්බර 9 වැනිදා නවතන්නට පෞද්ගලික බස් රථ සංගම් තීීරණයකර ඇත.
පසුගිය මාර්තු මස සිට ඇති වූ කොරෝනා වසංගතය මැද මහත් දුෂ්කරතාවන්ට මුහුණ දුන් තම බස් සේවාව සම්බන්ධයෙන් සහන සලසන ලෙස ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් කළ ඉල්ලීම් නිෂ්ඵල වී ඇති බව පළාත් පෞද්ගලික බස්රථ සංගමය පවසයි. තවදුරටත් වසංගතය ඉදිරියට ගමන් කරන විට බස්රථ ලීසිං හා වෙනත් ගාස්තු දරාගැනීමට නොහැකි ඉහළ අගයක් ගන්නා බැවින් විසඳුම් නැතිව සේවාවක් පවත්වාගෙන යන්නට නොහැකි නිසා බස් සේවාව නතර කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව ඔවුන් ප්රකාශකර ඇත.