தமிழ்
English
Contact
Friday 18th September 2020    
පක්ෂ නායකත්වය බාරගන්න සූදානම් බවට කරූගෙන් නිවේදනයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පක්ෂ නායකත්වය බාරගන්න සූදානම් බවට කරූගෙන් නිවේදනයක්



එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත තමන් දැනුම් දුන් බව හිටපු කථානායක කරූ ජයසූරිය පවසයි.

අද (24) දිනයේ දී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් ව තිබේ.
වර්තමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සලකා, බොහෝ පාර්ශව මගින් මා වෙත කෙරුණු ඉල්ලීම්, මා විසින් මනාව සලකා බලන ලද අතර, පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට මා හට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දීමට මා විසින් කටයුතු කර තිබේ.