Posted on 02.16.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය අමාත්‍යංශයට කැඳවා ඔහුගෙන් උපදෙස් ලබාගෙන ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් සඳහන් කර ඇත්තේ මගේ නායකත්වයෙන් දඹුල්ලේ පටන් ගනිපු ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් අදහස් ලබාදීමට ඉල්ලූ අවස්ථාවේ බන්ධුල ගුණවර්ධන ඊට අවස්ථාව ලබාදුන් බවයි.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්, ආහාර කොමසාරිස්තුමිය, ගොවි සමුපාකාර සංගමයේ සභාපතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වූ බවද වාර්තා විය.
පොදුජන පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමේදී යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බරපතල විවේචනයක් ගෙන එන ලදී. හර්ෂ ද සිල්වා යනු යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන ඇමතිවරයායි. එසේම එම ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා ඍජුව දායකවූ පුද්ගලයෙකි. ඒ අනුව හර්ෂගෙන් අදහස් ලබාගැනීම යනු එම ප්‍රතිපත්ති අනුමත කිරීමකි.