Posted on 07.07.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉන්ධන වෙනුවෙන් රැඳී සිටින ජනයාගේ පෝලිම්වල සිදු වූ මරණ අතරට තවත් මරණයක් එක් කරමින් පයාගල IOC ඉන්ධන පිරවුම්හලේ පෙට්රල් ලබාගැනීමට පෝලිමේ රැදී සිටී පුද්ගලයෙකු අද අලුයම මිය ගිය බව වාර්තා වේ.
එලිෆන්ට් හවුස් ජංගම අයිස් ක්රීම් අලෙවි රථයක රියදුරකු ලෙස රැකියාව කරන මොරටුව රාවතාවත්ත ප්රදේශීය ප්රදේශීය පදිංචිව සිටි හිලරි ප්රනාන්දු නැමැති 60 හැවිරිදි පුද්ගලයෙකු මෙහිදී මරණයට පත්ව ඇති බව බව පොලිසිය පවසයි .
ඔහු දින තුනක සිට පෝලිමේ රැදී සිටි අද අලුයම 1.30ට පමණ හදිසියේ අසනීප වීමෙන් පසුව ඉන්ධන පෝලිමේ වූ ත්රීරෝද රථයකින් කළුතර දිස්ත්රික් මහ රෝහලට රැගෙන ගොස් ඇතත් මරණයෙන් වළක්වා ගැනීඹට හැකිව නැත.