Posted on 02.14.2018 by Nishshanka in විදෙස් පුවත් with 0 Comments
පලස්තීන විදෙස් අමාත්‍ය රියාද් අල් මලිකි ඊයේ පවසා ඇත්තේ පලස්තීන නායක මොහොමඩ් අබ්බාස් හා ඊශ්‍රායල් නායක බෙන්ජමින් නෙතනියාහු සමග සෘජු සාකච්ඡා සදහා එක්සත් ජනපදයට වඩා වැඩි මැදිහත්වීමක් රුසියානු ජනාධිපති පුටින්ට කළ හැකි බව තමා විශ්වාස කරන බවයි.
පලස්තීන ජනතාවද එම ස්ථාවරයේ සිටින බවත් මන්ද පසුගිය දිනක එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ඊශ්‍රායල් අගනුවර ජෙරුසෙලම ලෙස පිළිගැනීමට කටයුතු කිරීමෙන් පසුව දෙපාර්ශ්වය අතර වන සාම සාකච්ඡා සදහා එක්සත් ජනපදයේ මැදිහත් කරුගේ භූමිකාව පිළිබදව පලස්තීන ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති තත්වයකට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජෙරුසලම සම්බන්ධයෙන් වන ස්ථාවය හේතුවී ඇති බවයි. එබැවින් රුසියාවට සැබෑ ලෙසම මධ්‍යස්ථ මැදිහත්කරුගේ භූමිකාව අපක්ෂපාතීව ඉටුකිරීමට හැකියාව තිබෙන බව තමාගේ විශ්වාසයයි.
එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයාගේ ජෙරුසලම සම්බන්ධයෙන් වන ස්ථාවරය පලස්තීන ජනයාගේ අපේක්ෂාවට සම්පූර්ණයෙන්ම පටහැනිව තිබෙන නිසා තවදුරටත් එක්සත් ජනපදයේ මැදහත්වීමෙන් පමණක් පලස්තීන හා ඊශ්‍රායල් සෘජු සාම සාකච්ඡා සදහා පලක්නොවනු බවයි.
පලස්තීන ජනයාට සිදුව ඇති ඓතිහාසික වරද නිවැරදි කිරීමේදී වෙනත් රටකට වඩා රුසියාවට එම සංකීරණ හා බැරෑරැම් වගකීම මධ්‍යස්ථව ඉටු කළ හැකි බව පලස්තීනය විශ්වාස කරන බවයි.