தமிழ்
English
Contact
Friday 14th August 2020    
පලා ගිය බව පැවසෙන කොරෝනා රෝගියා නැවතත් IDH රෝහලට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පලා ගිය බව පැවසෙන කොරෝනා රෝගියා නැවතත් IDH රෝහලට



අද (24) අලුයම අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් පලා ගිය කොවිඩ් නයින්ටීන් ආසාදිතයා පැය 8කට පසු කොළඹ ජාතික රෝහල අසලදී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ භාරයට පත්විය. ඔහුව නැවතත් IDH රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ, මෙම කොවිඩ් රෝගියා පැනයාමෙන් සමාජයට බලපෑමක් සිදුවූයේ ද යන්න බුද්ධි අංශ මගින් පරීක්ෂණ පවත්වන බවය.

මෙම කොවිඩ් රෝගියා අයි.ඩී.එච්. රෝහලෙන් පැනගොස් තිබුණේ, අද (24) අලුයම දෙකට පමණයි.

ත්‍රිකුණාමලය වල්ලිමලර් හි පදිංචි මොහොමඩ් කාසීම් මොහොමඩ් නසීම් නැමැති ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙකි.

අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව කාසිම් පසුගිය මැයි මස 12 වැනිදා කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබේ.

එහිදී කළ PCR පරීක්ෂණවලදි ඔහුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනිමත් සමඟ පසුගිය 9 වැනිදා වැලිකන්ද රෝහලට ඇතුළත් කෙරුණි.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කළේ, තවත් රෝග කිහිපයකින් පෙළුණු මෙම ආසාදිතයා පසුගිය 12 වැනිදා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ බවය.

අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසළ දී පෙරවරු 10ට පමණ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ භාරයට ගැනුණි.

අදාළ ආසාදිතයා අයි.ඩි.එච් රෝහලෙන් පලා යෑමෙන් පසු පළමුව පැමිණ ඇත්තේ, පිටකොටුව ප්‍රදේශයට බව හෙළි වී තිබේ.

එතැන් සිට ඔහු ත්‍රිරෝද රථයකින් ජාතික රෝහල අසළට පැමිණ තිබුණි.

ත්‍රිරෝද රථයෙන් බැසගත් මෙම ආසාදිතයා රෝහල් සේවකයෙකුට පවසා ඇත්තේ, තමන් අයි.ඩී.එච් රෝහලෙන් පැන ආ පුද්ගලයා තමා බවය.

අනතුරුව රෝහල් සේවකයින් හා ආරක්ෂක අංශ නිලධාරින් විසින් ආසාදිතයා හා ඔහු පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් අන්දවා සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කර තැබිමට කටයුතු කළේය.