தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
පලිබෝධ නාශක සහ වල් නාශක ගෙන්වීමට අවසර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පලිබෝධ නාශක සහ වල් නාශක ගෙන්වීමට අවසර



පළිබෝධ නාශක සහ වල් නාශක ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙරට සමාගම් හරහා ගෙන්වීමට අවසර දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ ජයසිංහ පවසා තිබේ.

එසේම ගොවීන්ට ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කර ඇත.

මේ අතර නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවන් මගින් ඊයේ රැගෙනවිත් තිබේ.

කෙනෙකුට එය කාබනික පොහොරත් යැයි පැවසිය හැකි බවත් තවත් අයෙකුට එය රසායනික පොහොරක් යැයි හැඳින්විය හැකි බවත් ලේකම්වරයා පවසා ඇත.

මෙම නැනෝ නයිඩ්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරීම සදහා ඇනවුම් කර ඇති අතර , එයින් පළමු තොගය ලෙස මෙම ලීටර් ලක්ෂයක ප්‍රමාණය ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර , මෙම සතිය තුළ මෙම දියර පොහොර ලීටර් ලක්ෂ 05 ක් මෙරටට ආනයනය කිරීමට සැළසුම් කර තිබේ .