தமிழ்
English
Contact
Saturday 25th September 2021    
පවිත්‍රා දේවී උම්බෑ කියයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පවිත්‍රා දේවී උම්බෑ කියයි!



(TopNews) ආණ්ඩුවේ ජනතා විරෝධී පිළිවත්වල එරෙහි උද්ඝෝෂන කළ විරෝධතාකරුවන් නීති විරෝධීව හා බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවලට යැවීම නීතියට අනුව කළ බවට සෞඛ්‍ය ඇමතිනිය ප්‍රකාශකර ඇත.

වසංගත වැළැක්වීම සඳහා ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග ජෝශප් ස්ටාලින්ට හෝ වී.අයි.ලෙනින්ට හෝ කාල්මාක්ස්ට අනුව වෙනස් නොකරන බව පවසමින් ඇමතිවරිය සිය දේශපාලන අපරිණත බව අනාවරණය කර ඇත. වාමාංශික දේශපාලන ඉතිහාසයේ කියැවෙන මෙම චරිතවල නම් ලංකාවේ සෞඛ්‍ය ඇමතිනිය විසින් කිසිදු ලැජ්ජාවකින් තොරව භාවිත කරනු ලැබුවේ සිරගත කර සිටින ලංකා ගුරු සංගමයේ නායක ජෝශප් ස්ටාලින් සිහිපත් කරමින් බව පෙනී යයි. අනතුරුව, සිය ආණ්ඩුවේ මුග්ධකම් නැවත සිහිපත් කරමින් ඇය කියා සිටියේ ජෝශප් ස්ටාලින්, වී අයි ලෙනින්, කාල් මාක්ස් හෝ පියුමි හංසමාලිටවත් නීතිය වෙනස් නොවන බවය.

අද(14) සෞඛ්‍ය ඇමතිනිය මෙම ප්‍රකාශය කළේ ඇතුලු වෘත්තිය සමිති නායකයන් හා දේශපාලන ක්‍රියාකාරින් නිරෝධායනය සඳහා යැවීමේ දේශපාලන අරමුණ රට පුරාම ප්‍රශ්න කෙරෙමින් තිබියදීය. කොරෝනා වැළැක්වීමේ අරමුණින් පිහිටුවන ලද නිරෝධායන මධ්‍යස්ථානවලට ජෝශප් ස්ටාලින්, දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් යවා ඇත්තේ අධිකරණය විසින් ඇප ලබාදීමෙන් පසුව බවද නිරෝධායන පිළිවෙත් අනුගමනය කිරීමක් හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මැදිහත්වීමක් නොකර පොලිසිය විසින් සිදුකර ඇත්තේ මර්දනීය ක්‍රියාවක් බවද සනාථ වී ඇත.

දේශපාලන නායකත්වය විසින් කොරොනා වසංගතය පවා සිය පටු අරමුණුවලට පාවිච්චි කරන බවත් වසංගතය වැළැක්වීමට පනවන ලද නීති විරුද්ධ මත මර්දනයට භාවිත කරන බවටත් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව මෙරට ආණ්ඩුවේ මර්දනකාරිත්වය හෙළිදරව් වෙමින් පවතින අතර සෞඛ්‍ය ඇමතිවරිය යළි වතාවක් සිය මුග්ධකම ප්‍රදර්ශනය කර ඇත. වසංගතය වර්ධනය වෙමින් පවතින විට මෙරටට අවශ්‍ය එන්නත් ඇණවුම් කිරීම ඉක්මන් කිරීමේ පියවර නොගත් ඇමතිවරිය, මිත්‍යාවන් ප්‍රවර්ධනය කරමින්, පැණි බීම හා ගංගාවලට දියර මුට්ටි දැමීම සිදු කළ බවට ලෝක ජනමාධය ඔස්සේ පවා ප්‍රචාරය කෙරිනි.