Posted on 02.16.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වයස අවුරුදු එකක සහ වයස අවුරුදු තුනක දරුවන් දෙදෙනාට වස පොවා මව ද වස බීමේ සිද්ධියක් ඊයේ(15) දඹුල්ල යාපාගම ප්රදේශයන් වාර්තා විය.
පවුල් ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම මව දරු දෙදෙනා සමඟ දඹුල්ල කණ්ඩලම ප්රදේශයට ගොස් දරුවන් දෙදෙනාට වස පොවා ඇය ද වස පානය කර ඇත. පසුව ඔවුන් ප්රධාන මාර්ගයක් ආසන්නයේ වැටී සිටින බවට ලද තොරතුරක් මත ප්රදේශවාසීන් විසින් රෝගීන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
දිවි නසාගැනීම සම්බන්ධ චෝදනාවට අමතරව, දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ තැත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී මවට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසයි.