தமிழ்
English
Contact
Thursday 28th January 2021    
පහසුකම් මදි නිසා කොළඹ අහඹු පරීක්ෂණ කරන්නෙ නැහැ - කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පහසුකම් මදි නිසා කොළඹ අහඹු පරීක්ෂණ කරන්නෙ නැහැ – කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී



පහසුකම් නොමැති වීම නිසා කොළඹ මහනගර සභා සීමාවේ Covid-19 රෝගීන් හඹායෑම වෙනුවෙන් අහඹු පරීක්ෂණ සිදු නොකරන බව එම සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජයමුණි පවසයි. දැනට කොළඹ මහ නගර සභා සීමාවේ දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය 1000ක් බවත්, ඒවා ආසාදිත පුද්ගලයින්ගේ පළමු සහ දෙවන පෙළ ආශ්‍රිතයින් සඳහා සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එම සීමාව ඉක්මවා පරීක්ෂණ කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පවසන අතර මේ තත්ත්වය තුළ කොළඹ නගරයේ සැරිසරන පුද්ගලයින් තමන්ට හමුවන සෑම පුද්ගලයෙකුම කොරෝනා ආසාදිතයෙක් ලෙස උපකල්පනය කළ යුතු බව ඔහුගේ අදහසයි. කොළඹ නගරයේ හඳුනා නොගත් ආසාදිතයින් 30,000ක් පමණ සිටිය හැකි බව නොවැම්බර් 10 වනදා කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී ඔහු පවසා තිබේ.