தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
පහළ ඌවේ රඹකැන්ඔය මහ පරිමාණ ඉඩම් කොල්ලයකට අවසර දීලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පහළ ඌවේ රඹකැන්ඔය මහ පරිමාණ ඉඩම් කොල්ලයකට අවසර දීලා!



රඹකැන්ඔය ජලාශයේ ජලපෝෂක ප්‍රදේශය මෙන්ම නිල්ගල, සේනානායක සමුද්‍රය මාදුරුඔය ජලාශය ඇතුළු පහළ ඌවේ මහඔය, පදියතලාව නිම්නයේ වනරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර 6000ක් පමණ මේ වන විට සමාගම් කිහිපයකට ඉරිඟු වගා කිරීම සඳහා ලබා දී ඇත.

මහවැලි අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුදැනුමෙන් යුතුව ඉඩම් ලබාගත් සමාගම් 6ක් සහ පෞද්ගලික හිමිකරුවන් විසින් මේ වනවිටත් ඩෝසර් යොදාගෙන හඳුන්, කළුවර, බුරුත, හල්මිල්ල හා තේක්ක වගාවන් විනාශකර දමමින් වගාව සඳහා බිම් සකස් කරන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. රඹකැන්ඔය ජලාශයේ රක්ෂිතය, නුවරගල රක්ෂිතය ඇතුළත් වනසංරක්ෂණ වන භූමියෙන් ද අක්කර 3000ක් පමණ පසුගිය සති දෙක තුළ වනසා ඇති බව දැනගන්නට ඇත.

මෙම වන විනාශය හේතුවෙන් එම ප්‍රදේශයේ වාසය කළ වන සතුන් පළා යමින් හා ගම් කරා පැමිණ උපද්‍රවවලට ගොදුරුවන බවද ස්වාභාවිකව වර්ධනය වූ ඇල්කදුරු, ගස්කඳන් පස් ගල් යොදා ගොඩ කරන බවද ප්‍රදේශවාසීහු පවසති.