தமிழ்
English
Contact
Sunday 28th February 2021    
"පහුගිය අවුරුදු පහේ උපවාස නොකලේ ඇයි?" උපවාස කරන වල්සපුගල ගොවීන්ගෙන් චමල් රාජපක්ෂ අසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“පහුගිය අවුරුදු පහේ උපවාස නොකලේ ඇයි?” උපවාස කරන වල්සපුගල ගොවීන්ගෙන් චමල් රාජපක්ෂ අසයි



(TopNews) වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා මාරාන්තික උපවාසයක නිරතව සිටින ගොවීන් හමුවට ගිය අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ ‘පහුගිය අවුරුදු 5ක් ඔය උපවාස නොකළේ ඇයි?’ යනුවෙන් ප්‍රශ්නකර ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින වන අලි ගැටලුවට විසදුම් දෙන ලෙසත්, වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙසත් ඉල්ලමින් ගොවි සංවිධාන 86 ක් ඒකාබද්ධව ජනවාරි 18 දින සුරියවැව, වල්සපුගල වැව් තාවුල්ලේ සත්‍යග්‍රහයක් ආරම්භ කළද ඊට කිසිදු බලධාරියකුගේ අවධානය යොමු නොවීම නිසා ඔවුන් පසුගිය 20 වැනිදා මාරාන්තික උඵවාසයක් ආරම්භ කළහ. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 5 දෙනකු පත්කර යැවු නමුත් ඔවුන් කිසිවකු තම දුක්ගැනවිල්ල අසන්නට නොපැමිණි බව උපවාසයේ යෙදුණු ගොවීන් පවසා තිබේ.

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර වනජීවි දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස 2010 වසරේ සිට ඉල්ලීම් කර තිබුනද මේ වන තුරුත් විසදුමක් ලබා දී නොමැති බවට චෝදනා කරන ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් සමන් සුදර්ශන මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ ස්ථිර විසදුමක් ලැබෙන තුරු සටන අත් නොහරින බවයි.

අද දින උපවාස භූමියට ගිය චමල් රාජපක්ෂ රාජ්‍ය ඇමතිවරයා විසින් වන අලි රක්ෂිතය ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මාසයක කාලයක් යන බව පැවසීමත් සමග ප්‍රදේශවාසී භික්ෂුවක් ඉදිරිපත්වී ප්‍රකාශ කළේ මාසයකින් පසුවත් ආණ්ඩුවෙන් සහනදායක විස ඳුමක් නොලැබෙන්නේ නම් තමන්ද උපවාසයට හිඳ ගන්නා බව පැවසූ අතර ගොවින් පැවසුවේ පෙබරවාරි 23 වැනිදාට මාසයක කාලය අවසන්වන බවය. එහිදී රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේ සති දෙකක් පමණ යන විට අවශ්‍ය මූළික පියවර ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවය.

කෙසේවෙතත්, උපවාස භූමියෙන් පසුව තිස්සමහරාම උත්සවයකට ගිය රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ රැස්වූවන් අමපවසුවේමෙම සංවිධාන කිහිපයක් මෙම උපවාසය පිටුපස සිටින බවය. පොදුජන පෙරමුණේ ශාඛා සමිති සභාපතිවරයකුද ඔවුන් හා උපවාසයේ යෙදී සිටින බවද රජ්‍ය ඇමතිවරයා පවසන ලදී.

“යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය වහා ගැසට් කරනු, අක්‍රිය විදුලි වැට වෙනුවට රක්ෂිතය වටා ශක්තිමත් විදුලි වැටක් ඉදි කරනු, සංවර්ධන බිමේ සිටින වන අලින් වහා ඉවත් කරනු, මහවැලි බලධාරීන් වලව වම් ඉවුරට නිකුත් කරන ජලය පිළිබද ගන්නා අත්තනෝමතික තිරණ වහා හකුලා ගනු, යෝජිත අලි කළමනාකරණ ක්ෂේත්‍රයේ පැරණි වැව් ගම්වල ගොවීන්ට විකල්ප ඉඩම් ලබා දෙනු, ගව හිමියන්ට තෘණ බිමක් ලබා දෙනු, හම්බන්තොට ඉඩම් කොල්ලය වහා නවතනු” ගොවින්ගේ ප්‍රමුඛ ඉල්ලීම් වේ.

චමල් රාජපක්ෂ රාජ්‍ය ඇමතිවරයාා ලබාදුන් පොරොන්දුව අනුව, අද සවස ගොවීන් විසින් උපවාසය අත්හළ නමුත් සත්‍යග්‍රහය දිගටම සිදු වේ.