தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
පළමු ටෙස්ට් තරගය ලකුණු 226 කින් කොදෙව්වෝ ජයගනිති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළමු ටෙස්ට් තරගය ලකුණු 226 කින් කොදෙව්වෝ ජයගනිති



 

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 225ක් පහසු ජයග් ලබා ගැනීමට බටහිර ඉන්දීය කණ්ඩායම් ඊයේ සමත්විය.

කාසියේ වාසිය ලබා ගත් බටහිර ඉන්දීය කණ්ඩායමේ නායක සිය කණ්ඩායම මුලින් පන්දුවට පහරදීඹට තීරණය කිරීමත් එම තීරණයේ වාසිය තම පිලට ටෙස්ට් ජයග්‍රහණයක් දක්වා රැගෙනයාමට සමත්විය.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 125ක් රැස් කළ ෂේන් ඩවුරිච්ගේ අගනා ශතකය හේතුවෙන් සිය කණ්ඩායමට යම් ස්ථාවර ලකුණු ප්‍රමාණක් දක්වා පැමිනීමට හැකි විය.

කොදෙව් පළමු ඉනිම සදහා කඩුළු 07ක් දැවී ලකුණු 414ක් ලබා සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා ණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 44ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 33ක් ලබා ගැනීමට සමත්වුවත් සිය ඉනිම අවසානයේ ලකුණු 185කට සීමාවිය. දෙවන ඉනිම සදහා කොදෙව් කණ්ඩායම ලකුණූ 227ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ලකුණු 452 ඉලක්කයක් ලබා දුන්නේය.

දෙවන ඉනිමි වෙනුවෙන් ශ්‍රීලංකාවට ලබා ගතහැකිවූයේ ලකුණු 226ක් පමණි. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු102 ලබා ගැනීමට සමත්විය. සෙසු පිතිකරුවන්ගෙන් හොද සහායක් ඔහුට නොලැඹුනි. අවසානයේ බටහිර ඉන්දීය කණ්ඩායමට ලකුණු 226 අනගි ජයක් ලබා ගැනීමට පළමු ටෙස්ට් තරගයෙන්ම හැකිවිය.