தமிழ்
English
Contact
Friday 29th May 2020    
පළමු පන්තියට වරම් අහිමි කිරීම - සංඝමිත්තා අරගලය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළමු පන්තියට වරම් අහිමි කිරීම – සංඝමිත්තා අරගලය



ගාල්ල සංඝමිත්තා විදුහලේ ආසන්නව පදිංචිව සිටියද අධ්ප‍යානය ලබාගැනීමේ වරම අහිමිවූවන්ගේ අරගලයට නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරයේ සහයෝගය ලබා දී ඇත.

මේ මොහොත වන විටත් ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල ඉදිරිපිට දෙමාපියන් පිරිසක් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටී. එම සත්‍යග්‍රහයට සහය පළ කරමින් ඊයේ සහ අද(13) දින නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ලෙස සම්බන්ධ විය.

එහිදී සත්‍යග්‍රහයේ නිරත වන දෙමාපියන් පවසන්නේ තම දරුවන් පාසලට ඇතුලත් කර ගැනීම සඳහා සපුරාලිය යුතු සියලු සුදුසුකම් තමන් විසින් සපුරා ඇති නමුත් ඉතා අසාධාරණ ලෙස තම දරුවන් පාසලට ඇතුලත් කර නොගන්නා බවයි. සෑම වසරකම පාසල් වලට සිසුන් ඇතුලත් කරගන්නා කාලයේදී මෙවැනි අසාධාරණකම් බොහොමයක් සිදු වේ. මීට හේතුව පත් වන ඒ ඒ රජයන් විසින් ගෙන එන ඉතා අසාධාරණ , අත්තනෝමතික , ප්‍රායෝගික නොවන අධ්‍යාපන ප්‍රතිපත්තීන් ය.

අද දින නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් අසාධාරණයට පත් දෙමාපියන් සමඟ ඔවුන් මුහුණ දී ඇති තත්වයන් පිළිබඳ සාකච්ඡා කරන ලදී. එහිදී දෙමාපියන් පැවසූ පරිදි තම දරුවා පාසලට ඇතුලත් කර ගැනීම සඳහා වූ මූලික සම්මුඛ පරීක්ෂණ වලදී තමන් ලද ලකුණු ප්‍රමාණයන් දරුවා පාසලට ඇතුලත් කිරීම සඳහා ප්‍රමාණවත් වුවද පසුව හේතුවක් නොදන්වා ම ලකුණු කපා හැර ඇති බවයි. මේ අනුව නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය , අසාධාරණයට පත් දරුවන්ගේ දෙමාපියන් ද සමඟ 01/13 දින ගාල්ල සංඝමිත්තා විදුහලේ විදුහලේ විදුහල්පති තුමිය හමු වී මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය, මිනිසුන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි වන ඕනෑම මොහොතක නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමට කොන්දේසි විරහිතව සටන් කරන බලවේගයක් ලෙස මෙම අසාධාරණයට පත් සිසුවියන්ගේ අධ්‍යාපන අයිතිය උදෙසා ද දිගින් දිගටම අරගල කරන බව ප්‍රකාශ කර සිටී.