தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
පළමු වසර පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 35 සිට 40 දක්වා වැඩි කිරීමේ තීරණයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළමු වසර පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 35 සිට 40 දක්වා වැඩි කිරීමේ තීරණයක්



රජයේ පාසලක පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩිකර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලබාගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. ඊට අදාළව ඩලස් අලහප්පෙරුම විසින් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත් කරගෙන ඇති බවද පැවසේ.

පළමු ශ්‍රේණියේ එක් පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 සිට 35 දක්වා අඩු විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.

ඒ අනුව වසර කිහිපයක සිට එක් ශිෂ්‍යයකු බැගින් අඩුවන ආකාරයට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ.

ඒ අනුව 2020 වසර සඳහා නිකුත් කළ චක්‍ර ලේඛයේ සඳහන් වන්නේ පළමු ශ්‍රේණියේ පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 36ක් විය යුතු බවය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව එක් පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 35 බවට පත්විය යුත්තේ 2021 වසරේ සිටය. මෙලෙස ශිෂ්‍ය සංඛ්‍යාව 35දක්වා අඩු කිරීමට හේතුව ලෙස සඳහන් වූවේ පන්ති කාමරයක පහසුකම් සහ ගුරුවරයෙකුට ඉගැන්විය හැකි සිසුන් ප්‍රමාණය පිළිබඳව පවතින සම්මත අදහසක් අනුවයි. නමුත් ආණ්ඩුව පවසන්නේ තමන්ගේ ඉදිරි වැඩපිළිවෙලක් හරහා ගුරු සහාකයන් බඳවා ගැනීමට කටයුතු කරන බැවින් මෙලෙස සිසුන් ප්‍රමාණය වැඩි කරන බවයි. නමුත් පාසල්වල සිසුන් වැඩි කිරීමට සාපේක්ෂව පහසුකම් වැඩි කිරීම ගැන ආණ්ඩුවේ පාර්ශවයෙන් කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත්ව නැත.