தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
පළාත්පාලන ආයතනවලින් පොදුජන පෙරමුණේ 2021 අයවැය පරාජයන් සලකුනු වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත්පාලන ආයතනවලින් පොදුජන පෙරමුණේ 2021 අයවැය පරාජයන් සලකුනු වේ!



පොදුජන පෙරමුණ විසින් 2018 පලාත්පාලන මැතිවරණයේදී බලයට පත්වූ පලාත්පාලන ආයතන ගණනාවක 2021 අයවැය පරාජයට පත්වීම දේශපාලන ක්ෂේත්‍රයේ අවධානයට ලක්ව තිබේ.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය දැවැන්ත පරාජයක් සටහන් කරමින් නියෝජිතයන් 20කගෙන් පක්ෂව ඡන්ද ලබා තිබුනේ 3 දෙනකුගෙන් පමණි. මේ අනුව පොදුජන පෙරමුණේ නියෝජිතයන් 4 දෙනකුද විපක්ෂව ඡන්දය දී ඇති බව අනාවරණය විය.

දෙසැම්බර් 4 වැනිදා අම්පාර නගර සභාවේ අයවැය පළමුවර කියැවීමෙන් පසුව ඡන්දය සමසමව(4-4) බෙදීමක් වූ අතර පසුව පෙදුජන පෙරමුණ නියෝජනය කරන සභාපති ජමින්ද සුගත් විසින් අයවැයේ සං‌ශෝධන සිදුකළ බව පැවසීම නිසා එහිදී විපක්ෂ නියෝජිතයන් ඡන්දයක් ඉල්ලා සිටි අතර සභාපතිවරයා එය නොතකා අයවැය නියමිත පරිදි සම්මතව ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

දෙසැම්බර් 10 වැනිදා අලව්ව ප්‍රාදේශීය සභාවේ 2021 අයවැයේ ඡන්ද විමසීම ඡන්ද 4-7 වශයෙන් පරාජය විය. පොදුජන පෙරමුණ නියෝජනය කරන නියෝජ්‍ය සභාපතිවරයා තමන් විරුද්ධව ඡන්දය දුන් බවත් නියෝජිතයන්ට ජනතාව වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකිරීම නිසා මෙම අයවැයට විරෝධය ප්‍රකාශ කළ බව පැවසීය.

මේ අතර බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය පළමුවර කියැවීමේදීම පොදුජන පෙරමුනු නියෝජිතයන් 6 දෙනකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

බලන්‌ගොඩ ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය, පළමුවර හා දෙවනවර ඡන්දයෙන් පරාජය වූ නමුත් සභාපතිවරයා විසින් අයවැය සම්මත වූ බව ප්‍රකාශ කරමින් සභාව අවසන් කිරීම නිසා කළබලකාරී තත්වයක් ඇතිවිය.

පොදුජන පෙරමුණට බලය හිමි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය 14-21 වශයෙන් පරාජය කිරීම සඳහා පොදුජන පෙරමුනේ නියෝජිතයන් 6 දෙනකු විරුද්ධව ඡන්දය දී ඇත.

උඩපලාත ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය දෙසැම්බර් 8 වැනිදා පරාජය කෙරිණි. එසේම ජාඇල, පදියතලාව ප්‍රාදේශය සභාවන්හිදී ද අයවැයෙන් පොදුජන පෙරමුණට පරාජය හිමිව ඇත.

2018 වසරේ පළාත්පාලන ඡන්දය තුළින් බිම් මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණට එක් වූ ප්‍රාදේශය දේශපාලන නායකයන්ට පොදුජන පෙරමුණේ නායකයන්ගේ ක්‍රියාකලාපය නිසා සිය ප්‍රදේශයේ ජනයාට පමණක් නොව ආධාරකරුවන්ට මුහුණ දිය නොහැකි තත්වයක් උද්ගතව ඇත. කොරෝනා වසංගතය හමුවේත්, ආර් ථික දුෂ්කරතාවලින් මිදීම සඳහා ජනතාවට සහනදීම තුළත් කිසිදු විදිමත් වැඩපිළිවෙළක් නොමැතිකම මෙන්ම ජනතාවට වැඩ කිරීම සඳහා යැයි පවසමින් ඉල්ලා සිටින ප්‍රතිපාදන හිමි නොවීම න්ිනිසා ඔවුන් කිසිවක් කරකියා ගත නොහැකි තත්වයක සිටී. නායකත්වයට පාඩමක් උගන්වන්නට මේ ආකාරයෙන් පළාත්පාලන නියෝජිතයන් කටයුතු කිරීම තුළ පොදුජන පෙරමුනේ දෙදරීමක් සනිටුහන්වන බවට දේශපාලන මතයක් සටහන් වෙමින් තිබේ.

එහෙත් මෙම අප්‍රසාදය වැළැක්වීමේ සහ ඉදිරි පළාත් සභා මැතිවරණයට අපේක්ෂකයන් සූදානම් කිරීමේ අරමුනින් බැසිල් රාජපක්ෂ විසින් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයිද පොදුජන පෙරමුනු ආරංචි අනාවරණය කරයි.