தமிழ்
English
Contact
Thursday 28th January 2021    
පළාත්පාලන ආයතන 3ක අයවැයෙන් ආණ්ඩුව පරාජය වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත්පාලන ආයතන 3ක අයවැයෙන් ආණ්ඩුව පරාජය වේ!



ආණ්ඩු පක්ෂය ඉදිරි වසර සඳහා අයවැය ඉදිරිපත් කරන අතර, පොදුජන පෙරමුණේ බලය හිමි පළාත්පාලන ආයතන තුනකදී අයවැයෙන් පරාජයට පත්ව තිබේ.

ඊයේ(12) අම්පාර නගර සභාව, ජා ඇල ප්‍රාදේශීය සභාව සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන තුනෙහි අයවැය ඳහා කළ ඡන්ද විමසීමෙන් මෙම පරාජය අත්ව තිබේ.
අම්පාර නගර සභාව නියෝජනය කරන පොදුජන පෙරමුණු නියෝජනය 9ක්, ඒ.ජා.ප. 4ක්, ශ්‍රීල.නි.ප. 3ක් සිටින අතර ජ.වි.පෙ. සහ ස්වාධීන අපේක්ෂකයන් බැගින් නියෝජනය වේ.
කෙසේවෙතත් පොදුජන පෙරමුණු පළාත්පාලන මන්ත්‍රීවරු 6 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සහ එජාප මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අයවැයට පක්ෂ වී ඇත. ඒසේම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණි. විරුද්ධව ඡන්ද 12ක් සහ පක්ෂව ඡන්ද 6ක් වශයෙන් පළාතිපාලන ආයතනයේ අයවැය පොදුජන පෙරමුණ පරාජයට පත්විණි.

ඊට අමතරව පළාත්පාලන නියෝජිතයන් 47 සහිත ජා ඇල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු නියෝජනය 23 න් 4ක් අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇත. එ.ජා.ප. නියෝජනය 9ක්, ශ්‍රීල.නි.ප. 5ක් ජ.වි.පෙ. 4, ජා.ජ.ප. 1සහ ස්වාධීන අපේක්ෂකයන් බැගින් නියෝජනය වේ. අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 19ක් වන අතර විරුද්ධව 24ක් ලැබී ඇත.

පොදුජන පෙරමුණ දැවැන්තම පරාජය ලබා තිබුණේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැයෙනි. පො.පෙ.නියෝජිතයන් 7ක් එ.ජා.ප. 6ක්, ශ්‍රීල.නි.ප. 2ක් කම්කරු කොංග්‍රසය. 3 ශ්‍රීල.නි.ප. 2ක් සහ ස්වාධීන 1 වශයෙන් මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත එම සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කර තිබුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණි.