தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
පළාත් සභා මැතිවරණය ජුනි මාසයේදී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත් සභා මැතිවරණය ජුනි මාසයේදී



පළාත් සභා මැතිවරණය ලබන ජුනි මාසයේදී පැවැත්වීම ජනාධිපතිවරයා‍ බලාපොරත්තු වෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

ආණ්ඩු පක්ෂයට සම්බන්ධ හිටපු පළාත් සභා මැති ඇමතිවරුන් සියලු දෙනා ලබන බදාදා ජනාධිපතිවරයා හමුවට කැඳවා ඇති අතර, හිටපු මැති ඇමතිරවුන්ගේද අදහස් විමසා බලා අවසන් තීරණය ගැනීමට නියමිතයි.

පළාත් සභා මැතිවරණය කේවල හා සමානුපාතික යන ක්‍රම දෙකම මිශ්‍ර වූ අලුත් ක්‍රමවේදයක් අනුව පැවැත්වීමට අදාල නීති සංශෝධනය කිරීම පසුගිය යහපාලන රජය සමයේදී ආරම්භ වූ නමුත් එය අතරමග ඇණ හිටිණි. මේ නිසා පැරණි සමානුපාතික ක්‍රමය අනුව මැතිවරණය පැවැත්වීමටද නොහැකි වී ඇති අතර ඒ සඳහාද නීති සංශෝධනය කිරීමට සිදුව තිබේ.

මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අසමත් වීම හේතුවේ මේ වනවිට ජනාධිපතිවරයා විසින් පත් කරන ආණ්ඩුකාරවරුන් යටතේ පළාත් සභා පාලනය වේ.

කෙසේවෙතත් ආණ්ඩුව මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන සාකච්ඡා කිරීමට ගත් තීරණයට හේතුව පළාත් සභා සම්බන්ධ ප්‍රශ්නය ජිනීවා මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහි වාර්තාවේ ඇතුළත් වී තිබීම බවට දේශපාලන විචාරකයන් සැක මතු කරයි.

මීට පළාත් සභා අහෝසි කළයුතු බවට ආණ්ඩුව පවසමින් සිටියත් ඒ සඳහා ඉන්දියාව විවිධ බලපෑම්ද එල්ල කරමින් සිටියි.