தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මෛත්‍රී අධිකරණයෙන් මතය විමසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මෛත්‍රී අධිකරණයෙන් මතය විමසයි



පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව වාර්තා වේ.

සීමා නීර්ණ ගැටලුව සහ කොට්ඨාශ ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති හෙයින් පළාත් සභා මැතිවරණය පවත්වන්නේද යන අවසන් තීරණය ගත හැකිවන්නේ අධිකරණ නියෝගයකින් සීමා නීර්ණ ගැසට් කිරීමකින් හෝ පාර්ලිමේන්තු සම්මත කරන පනතක් හරහායි.

ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය තත්ත්වය මතය විමසීමට නියමිත බව මහින්ද අමරවීර ද මීට පෙර පවසා තිබුණි.

දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසෙන පරිදි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති අතර එය ලබන මස මුල් සතිය වන විට ප්‍රකාශයට පත්වෙනු ඇති බව පැවසේ.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් එය සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමද ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය විමසා ඇත්තේ විපක්ෂයේ දේශපාලන පක්ෂයක් වන පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟ වීම විශේෂත්වයකි.