Posted on 11.27.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස නම් කළ මහින්ද රාජපක්ෂ ඇතුළු ඇමති මණ්ඩලය විසින් සිය දේශපාලන බලය පිණිසවන මීළග පියවර ලෙස පළාත් සභා සම්බන්ධ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මගහැර පළාත් සභා මැතිවරණ ඉදිරියේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබේ.
මේ වනවට පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් බලාත්මක නීතිය වන්නේ 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනතය. එහෙත් ඒ යටතේ හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අත්‍යාවශ්‍ය ඡන්ද කොට්ඨාස නිර්ණය කටයුතු මෙතෙක් අවසන් වී නොමැත. කෙසේවෙතත් මේවනවිට පළාත් සභා 6ක නිල කාලය අවසන් වී ඇති බැවින් පළාත් සභා මැතිවරණ පවත්වා ඒවායේ සිය බලය තහවුරු කරගැනීමට රාජපක්ෂ පාර්හ්වය කටයුතු සැලසුම්කර තිබේ. මේ නිසා පළාත් සභා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා පැරණි 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත යටතේ පළාත්සභා මැතිවරණ පැවැත්වීමේ එනම්, පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, සහ 2017 සංශෝධනය කළ 25% අනිවාර්ය කාන්තා අපේක්ෂකත්වය තහවුරු වන පරිදි පැවැත්වීමට රාජපක්ෂ පාර්ශ්වය සූදානම් වෙයි. ඒ වෙනුවෙන්ම අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඉදිරිපත් කළ යෝජනාවක් රාජපක්ෂගේ ඇමතිය මණ්ඩලය විසින් අනුමත කළ බවද වාර්තා වේ.