தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
පළාත් සභා මැතිවරණ - ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තා නසී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත් සභා මැතිවරණ – ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තා නසී!



පළාත් සභා මැතිවරණය නිසා ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටලු තවදුරටත් ඇවිලෙමින් පවතින බව දැනගනන්ට ඇත.

ගෝඨාභය-මහින්ද ආණ්ඩුව විසින් ජනතාව අතතර පිරිහෙමින් පවතින ප්‍රසාදය ශක්තිමත් කිරීමේ අරමුණින් හා බලය තහවුරු කිරීම පිණිස පළාත් සභා මැතිවරණ වෙත යාමේ පියවරක් ගෙන ඇත. එහෙත් ජාතිකවාදීන් අතර වඩා අවධානය යොමුව ඇත්තේ පළාත් සභා ක්‍රමය අහෝසි කරමින් ඒකීය රාජ්‍ය ක්‍රමය සහිත මධ්‍යගත පාලන ව්‍යවස්ථාවකි. මේ සම්බන්ධ ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් සිය මතය ප්‍රසිද්ධ කරමින් ආණ්ඩුවේ අදහස ඒ බවට තහවුරු කිරීමේ වෑයමක්ද දක්නට ඇත.

පවතින මැතිවරණ ක්‍රමයට ඉදිරි පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩු පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ඒකමතිකව තීරණය කළ බව ජලසම්පාදන අමාත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශිත පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ජනමාධ්‍ය වෙත කරුණු දක්වා ඇත. වාසුදේව නානායක්කාර කැබිනට් ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ මෙම වසරේ අගෝස්තු මාසයේදී පමණ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවය.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් පළාත් සභා ක්‍රමය ඉදිරියට ගෙන යාම හා ඉන්දිය රජයේ බලපෑම නිසා එය සිදුකිරීම සම්බන්ධ විරෝධතා මතුව ඇත. මේ වනවිට ඇති තතවය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් කිහිපදෙනෙකුම ආණ්ඩුවෙන් කිහිපදෙනෙකුම ඉවත් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අවධාරණය කර ඇත.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනවරමට විරුද්ධ බවත් නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී 13 වන සංශෝධනයේ ඇතුළත් මූලික කරුණු කිහිපයක් ගැන නැවත සලකා බැලීම උදෙසා ජනවරම ලැබී ඇති බවත් ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පවසා තිබේ.

මේ අන්දමට ආණ්ඩුවේ පාර්ශ්ව අතර කඹ ඇදීම නිසා ආණ්ඩුවේ ප්‍රධානින් ගෙදර ගියෙයාත් අඹු නසී, මග හිටියොත් තා නසී වර්ගයේ අවදානමකට මුහුන දී ඇත.

ආණ්ඩු විසින් දිගට පළාත් සභා පවත්වාගෙන ගියේ සිය මීළඟ නායකයන් ඉදිරියට ගෙනයාමේ පොරපිටියක් ලෙසය. නමුත් ජාතික ප්‍රශ්නය වෙනුවෙන් බලය විමධ්‍යගත කිරීමේ අත්දැකිමක් ලෙස එය ප්‍රමාණවත් ජනතා සහභාගිත්වයෙන් හා ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයකින් ක්‍රියාත්මක වනු දක්නට ලැබුණේද නැත.
මේ නිසා පළාත් සභා විසින් මෙරට සමාජයේ අවධානය අවම මට්ටමක පවතින නිසා පළාත් සභා පැවැතිවීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක්ද අනාවරණය වනු ඇත.