Posted on 07.16.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වසර දෙකක් තිබියදී මහජන විරෝධය නිසා රටින් පළා ගිය ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධුර කාලයේ ඉතිරි කාලය තුළ ජනාධිපති ධුරය හිමිකර ගැනීමට පක්ෂ තුනක අපේක්ෂකයන් 4 දෙනක් තරගකරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ ආකාරයට 8 වැනි ජනාධිපතිධුරය සඳහා දැනට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර මෙම සටන පවතිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේවෙතත්, ඔවුන් විසින් ජනාධිපතිධුරයට පත්වීම සඳහා පක්ෂපාතී ඡන්ද ප්‍රකාශයට මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්රයත්නයක යෙදී සිටින බවද අති විශාල මුදල් ප්‍රමාණ මේ වෙනුවෙන් වැය කිරීමට ඇතැම් පක්ෂවල සූධානමක් ඇති බවද දේශපාලන පිටියේ ආරංචි මාර්ග පවසයි.
ගෝඨාභය රාජපක්ෂ පළා යාමෙන් පසුව බලය බිඳ්රනු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙනුවෙන් මහින්ද රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා විශාල මැදිහත්වීමක් කරන බවද කියනු ලැබේ. මේ වෙනුවෙන් රාජපක්ෂ පාලන කාල තුළ ඉතා දූෂිත ආකාරයෙන් මුදල් උපයාගත් අයගේ සහාය පොදුජන පෙරමුණ විසින් ලබාගෙන ඇති බවද කියනු ලැබේ. පො.පෙ. ලේකම් සාගර කාරියවසම් විසින් රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළ කර ඇති නමුත් ඩලස් අලහප්පෙරුම පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සමග තරගයට පිවිස ඇත. සමගි ජන බලවේගයේ සහායද ඩලස් විසින් ඉල්ලා ඇත.
මේ අතර ජනාධිපති ධූරයට පත්වීමට සමගි ජනබලවේගයේ හා තවත් පක්ෂවල සහාය ඇති බව සිතන සරත් ෆොන්සේකාගේ අදහසක් ඇති බවද දක්නට ලැබේ.
එහෙත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා පක්ෂයේ ප්‍රබලයන් දැඩි වෙහෙසක් දරමින් සිටින අතර,ශ්‍රීල.නි.ප. කණ්ඩායමක් ද ඔහුට සහාය දීමේ සූදානමක සිටින බව දැනගන්නට ඇත. මේ තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද පාර්ශ්ව වලට බෙදී ඇතැයි දැනගන්නට ඇත. එනම්, මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රනිල් වික්‍රමසිංහට ද ,තවත් කිහිප දෙනකු සජිත් ප්‍රේමදාසට ද ,තවත් කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුමට ද සහාය දීමේ සූදානමක සිටින බව දැනගන්නට තිබේ.