தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
ප්‍රංශයට යන්න හැදූ 90ක් අල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රංශයට යන්න හැදූ 90ක් අල්ලයි



මිගමුව ප්‍රදේශයට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ‍සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් රීයුනියන් දුපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකීකයින් 90 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, පිරිමි පුද්ගලයින් අසූ නවදෙනෙකු (89) සහ එක් කාන්තා‍වක් (01) නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇත. තවද, මෙම පුද්ගලයින් මඩකලපුව, තොඩුවාව, උඩප්පුව, හලාවත, මන්නාරම, අම්පාර සහ මාතලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව අනාවරණය වි තිබේ.

මෙම පුද්ගලයින් කොළඹ, වරාය වෙත රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ට්‍රෝලර් යාත්‍රාව කොළඹ, වරාය පොලීසිය වෙත භාර දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

රීයූනියන් දූපත යනු ඉන්දියානු සාගරයේ මැඩගස්කර් දූපත් ආශ්‍රිතව පිහිටි ප්‍රංශයට අයත් කුඩා දුපතකි.




Related News