தமிழ்
English
Contact
Friday 16th November 2018    
ප්‍රංශයේ ප්‍රකට සිනමාකරු ක්ලෝඩ් ලන්ස්මාන් මියයයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රංශයේ ප්‍රකට සිනමාකරු ක්ලෝඩ් ලන්ස්මාන් මියයයි



ප්‍රංශයේ ප්‍රකට සිනමාකරු ක්ලෝඩ් ලන්ස්මාන් ඊයේ පැරිසියේදී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය දිවියේ 92 වන වියේ පසුවූ ඔහු පසුගිය දින කිහිපය තුල යම් රෝගී තත්වයෙන් පෙළුනි. ලොව ප්‍රකට නාසි වද කඳවුරක ජනසංහාරය පිළිබදව ලොව සිනාමාකරුවන් විසින් එතෙක් මෙතෙක් නිෂ්පාදනය කරන ලද හොදම වාර්තා චිත්‍රපටය ඔහු විසින් 1985 නිර්මාණය කිරීම ඔහු ජාත්‍යන්තර සිනමාවට කරන ලද අගනා මෙහෙයයි.

Shoah නමැති මෙම වාර්තා වැඩ සටහනින් පසු හේ ලෝක සිනමාව තුල නොමැකෙන පා සටහන් තැබීය. ජර්මනියේ සංහාරක නාසි යුද අපරාධ පිළිබදව ලොවට සිනමාවේ පැතිමානයන් මොනවට උපයෝගීකරගෙන ලන්ස්මාන් සිය සිනමා නිර්මාණය හරහා මානව සමාජයට ජර්මනියේ පැවැති නාසි ම්ලේච්ඡත්වය විසින් අත්කරදෙන ලද දශ ලක්ෂ ගණනක් මිනිසුන් මුහුණදුන් ඒ බියකරු අත්දැකීම ලෝක සිනමාවට දායාද කරනු ලැබීය. උපතින් යුදෙව් ජාතිකයකුවූ ඔහු නැගෙහිර යුරෝපා රටක ඉපිද පසුව පැරිස් නගරයට සංක්‍රමණය වූවෙකි. සිය යුදෙව් පවුල් පසුබිම හේතුවෙන් දෙවන ලෝක යුද්ධයේදී ආරක්ෂාව සදහා සැගවී ජීවත්ව තිබේ. දෙවන ලෝක යුද්ධයේදී ප්‍රංශයට එරෙහිව හිට්ලර් ගේ නාසි ආක්‍රමණයට එරෙහිව අවි ගෙන සටන් කළ ප්‍රංශයේ ඇවර්න් ප්‍රදේයේ සන්නද්ධ කණ්ඩායම්වලට දාහත් හැවිරිදි වියේදීම සම්බන්ධව කටයුතු කළ අයෙකි. ඒවාගේම යුද විරෝධී මතයක සිටි අතර ප්‍රංශය විසින් 1952 සිටි 1964 ද්ක්වා පැවැති ඇල්ජීරියානු නිදහස් සටනට සහාය පළ කරමින් ප්‍රංශ ආක්‍රමණයට එරෙහිව ඇල්ජිරීයාවේ නිදහස් සටනට සහාය දැක්වමින් ප්‍රංශය තුල ප්‍රංශ පාලකයින්නේ ආක්‍රමණකාරී යුද්ධයට එරෙහිවිය.




Related News