தமிழ்
English
Contact
Monday 24th June 2019    
ප්‍රංශ විවෘත ටෙනිස් කාන්තා අවසන් තරගයේ ජය සිමෝනා හෙල්ප්ට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රංශ විවෘත ටෙනිස් කාන්තා අවසන් තරගයේ ජය සිමෝනා හෙල්ප්ට



ප්‍රංශ විවෘත ටෙනිස් කාන්තා අංශයේ අවසන් තරගයෙන් ජය ගැනීමට රුමේනියාවේ සිමෝනා හෙල්ප් ඊයේ සමත්වූවාය.
ඇය හමුවේ පරාජය ලැබුයේ එක්ස්ත් ජනපදයේ ස්ලොන් ස්ටෙපන්ස්. මෙම ජයග්‍රහණය ලැබීමට පෙර ප්‍රධාන ටෙනිස් තරගාවලි තුනකදී අවසන් තරගයෙන් සිය ප්‍රතිවාදීන් ඉදිරියේ පරාජයවීමේ අමිහිරි අත්දැකීම ලැබීමට ඇයට සිදුවූවාය.

කෙසේ වෙතත් අවසානයේ සිමෝනා හෙල්ප්ස් ප්‍රංශ විවෘත තරගයේදී සිය අරමුණකරා පැමිණීමට හැකියාව ලබා ගනු ලැබූවාය.

මෙවර ඇය තරගාවලියට පැමිණෙන විට ලොව කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ සිටි අතර ඇය සමග තරග වැදුනු ස්ලොනේ ස්ටෙපන්ය. ඇය ශ්‍රේණිගත කිරීම්හි 10 වන ස්ථානයේ පසුව. පසුගිය වසරේ Us Open තරගාවලිය ජයගත් ක්‍රිඩිකාවයි.

කෙසේ වෙතත් ඊයේ පැවැති පළමු වටයෙන් සිමෝනා හෙල්ප් පරාජය කරමින් ස්ලෝනේ ස්ටෙපාන් 6-3ක් ලෙස ජයගැනීට සමත්වුවත් අවසන් වට දෙක සිමෝනා හෙල්ප් විසින් 4-6ක්,1-6-ක් ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් බවට හරවා ගැනීමට සමත්වූවාය.

අවසන් තරගයෙන් ජය ගන්නා ක්‍රීඩිකාවට හිමි යුරෝ විසිඑක්ලක්ෂයක තෑගි මුදල හිමිකර ගැනීමට සිමෝනා හෙල්පස්ට හැකියාව ලැබුනි.




Related News