Posted on 07.03.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල මහේල ජයවර්ධනසාක්ෂි ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලද වාර්තා වේ.
මීට පෙර එම ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුට අද (03) නොපැමිණෙන ලෙස දැන්වූ බවයි.
2011 ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය” මේ වනවිට පරීක්ෂණයක් පවත්වයි.
එම ඒකකය මේ වනවිට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු ප්‍රධානී අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාරගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර ඊයේ පැය 10කට අසන්න කාලයක් විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ රැඳී සිට තිබුණි.
ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු විශේෂ පොලිස් විමර්ශන ඒකකය පැවසුවේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් ලබා ගැනීමට මහේල ජයවර්ධන කැඳවන බවය.
නමුත් එහි ප්‍රකාශකයෙක් පසුව පැවසුවේ අද දින නොපැමිණෙන ලෙස මහේල ජයවර්ධනට දැන්වූ බවය.
විශේෂ පොලිස් විමර්ශන ඒකකයෙන් පිටව යන විට මාධ්‍යට පැවසුවේ ඊයේ (02) රාත්‍රී 11.30ට පමණ තමාට අද දින නොපැමිණෙන ලෙසත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන බවත් දැන් වූ බවයි. නමුත් තමන් වෙනත් දිනයක් ඉල්ලා සිටි බවට අද පෙරවරුවේ මාධ්‍යවල පලවීම නිසා තමන් පැමිණි බව මහේල වැඩිදුරටත් පැවසීය.