தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
ප්‍රගීත් පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කළ හමුදාවේ 7ට එරෙහිව වසර 9ට පසු නඩු පවරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රගීත් පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කළ හමුදාවේ 7ට එරෙහිව වසර 9ට පසු නඩු පවරයි



මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා හෝමාගම මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

වසර නවයක කාලයකට පෙර සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා එලෙස නඩු පැවරූ බව නීතීපති දෙපාර්තමේන්තුව පවසයි.

නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ලුතිනන් කර්නල් ප‍්‍රබෝධ සිරිවර්ධන, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප‍්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, එස්.කේ. උළුගෙදර සහ හේමචන්ද්‍ර පෙරේරා නමැති යුද හමුදා නිලධාරීන්ට එරෙහිවය.

2009 අගොස්තු මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගිරිතලේ, හබරණ හා නොට්ටාව ප‍්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප‍්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළැයි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.