Posted on 11.08.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලන්නේ ප්රජාතන්ත්රවාදය, අයිතීන් වැනි කරුණු නොව තුන්වේල අහාර ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි ආර්ථික වටපිටාවක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.
උතුරේ මෙන් ම දකුණේ දේශපාලකයන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ගැටලුවක් බව මුරලිදරන් බීබීසි සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
“මිනිස්සු මට බනියි. මේකට ප්රජාතන්ත්රවාදය, අයිතීන්, නීතිය වගේ කරුණු දෙවනුවට බලන්න ඕනේ, පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්රජාතන්ත්රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ, ඔවුන් අහන්නේ කෝ කෑම තුන්වේලක්, කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ කරුණු
“දෙපැත්තට ම හානි වුණා, යුද්ධයකදී අහිංසක මිනිස්සු මැරෙනවා, නැත්නම් ඒකට යුද්ධයක් කියන්නේ නැහැ, එහෙම නැත්නම් සමාකමීව සාකච්ඡා කරලා බේරගන්න ඕනේ.”
අපි පාර්ලිමේන්තුවට යවන්නේ රට පාලනය කරන්න, දුන්නේ වැඩක් කරන්න, ඒක බෑ කියනව නම් දාලා යන්න ඕනේ, නිදහසට කරුණු කියන්න බැහැ, මට පන්දු යවන්න බැරි නම් මම නිදහසට කරුණු 25,000ක් විතර කියනවා, නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ.”
“දුගී දුප්පත් මිනිහව උඩට දාන එක තමයි පළවෙනි ප්රශ්නය වෙන්න ඕන,” මුරලිදරන් පවසයි.