தமிழ்
English
Contact
Thursday 5th December 2019    
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා - මංගලට සමන්තාගෙන් සහතිකයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා – මංගලට සමන්තාගෙන් සහතිකයක්!



ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මංගල සමරවීර ධෛර්යයෙන් කටයුතු කළ බවට එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන සමන්තා පවර් විසින් ප්‍රශංසා කර තිබේ.

මුදල් ඇමති මංගල සමරවීරගේ දේශපාලන දිවියට 30 වසරක් සපිරීම වෙනුවෙන් ‘ඛේමාගේ කොලුවා‘ යන තේමාවෙන් පැවති උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද ඇතුළු පිරිසක් සහභාගි වූහ. එක්සත් ජාතින්ගේ එක්සත් ජනපද නියෝජිතවරිය ලෙස ඔබාමා පාලනය යටතේ කටයුතු කළ සමන්තා පවර් මෙම අවස්ථාවේ විශේෂ ආරාධනයකින් පැමිණ සිටියාය. ඇය සිය කතාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දුර්මුඛ කරවමින් ප්‍රකාශ කළේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මංගල සමිරවීර උනන්දුවෙන් කටයුතු කළ ඉතිහාසයක් ඇති බවය. විශේෂයෙන් පසුගිය දේශපාලන අර්බුදයේදී මංගල සමරවීර ‘ධෛර්යයෙන් කටයුතු කළ‘ බවද ඇය සදහන් කළාය. ඇයගේ කතාව ආරම්භ වන්නට පෙරාතුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සභාවෙන් පිටව යාමද අවධානයට ලක් විය.

ලංකාවේ එක්සත් ජනපද අවශ්‍යතා වෙනුවෙන් කටයුතුකරන දේශපාලකයන් ඔසවා තැබීමට එක්සත් ජනපදයේ මැදිහත්වීම නිරන්තරව දක්නට ලැබෙන තත්වයකි. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සටන්පාඨයක් ලෙස ගෙන යම් යම් රටවල දේශපාලන බල පොරයේදී එක්සත් ජනපදයට වාසිදායක පසුබිමක් විවිර කරගැනීම දක්නට ලැබෙන තත්වයකි.