தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ප්‍රධාන පක්ෂ අතර තියෙන ඩීල් නිසා කවුරු බලයට ආවත් හොරුන්ට දඬුවම් නැහැ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රධාන පක්ෂ අතර තියෙන ඩීල් නිසා කවුරු බලයට ආවත් හොරුන්ට දඬුවම් නැහැ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර



ප්‍රධාන පක්ෂ දෙකේම නායකයෝ හොඳ මිතුරන් බවත් ඒ අයට එකිනෙකා සමඟ ඩීල් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි. ඇය පවසා ඇත්තේ එම නිසා ප්‍රධාන පක්ෂ දෙකෙන් කොයි එක බලයට ආවත් කිසිම හොරෙකුට, මීනිමරුවෙකුට දඬුවම් නොලැබෙන බවයි.

විපක්ෂ නායක කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ බව පවසා තිබේ.

“ගිය ආණ්ඩු කාලෙත් හොරු ගැන කතා කළා දැනුත් හොරු ගැන කියනවා. හිරේ ගිය එක හොරෙක්වත් ඉන්නවාදැ” යි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය පවසා තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩිදුරටත් පවසා ඇත්තේ,
“මේ රටේ මිනිස්සු ඇත්තටම පව්. ඒ අය මේ ඇත්ත තේරුම් ගන්නේ නැහැ. බලයට එන්න කලින් මේ ආණ්ඩුවේ අය උදේ කෑමට දවල් කෑමට රෑ කෑමට තුනටම ගත්තේ බැඳුම්කරේ. දැන් ඒ ගැන කතාවක් නැහැ. වෝහාරික විගණන වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විම වළක්වන්නයි ඒ අයට අවශ්‍යවෙලා තියෙන්නේ. මම අභියෝග කරනවා ජනාධිපතිටත්, අගමැතිටත් පුලුවන් නම් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනත් බැඳුම්කර නඩුව අහලා දඬුවම් දෙන්න කියලා. ඒ වගේම මම ජනතාවට කියනවා මේක කවදාවත් වෙන්නේ නැති බව. අර්ජුන්ලාට ඇලෝසියස්ලාට මේ පක්ෂ දෙකේම නායකයෝ යාලුවෝ. ඔවුන් මැතිවරණ කාලයේදි මේ දෙකටම මිලියන ගණන් මුදල් වැය කරනවා. ඒ නිසා කවුරු බලයට ආවත් එයාලගේ බිස්නස් සරුයි. මෙච්චරකල් වුණෙත් ඒක ඉස්සරහට වෙන්නෙත් ඒක. තව අවුරුදු දහයක් ගිහින් බලන්න මම කියපු දේවල් බොරුද කියලා.

මහමැතිවරණයේදි තුනෙන් දෙක ගණන් අවශ්‍ය නිසා සමහර විට කලින් කතා කරගෙන ටික දවසකට කියලා කවුරුහරි එක්කෙනෙක් හිරේ දාන්න පුලුවන්. ඡන්දෙන් පස්සේ ඒ මනුස්සයාත් එළියට එනවා. ඩීල් නැති අයට තමයි නඩු වැටෙන්නේ”