தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා පූජිත්ට හේමසිරිට ඇප | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා පූජිත්ට හේමසිරිට ඇප



පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම හා එහි බලපෑම අඩු කිරීමට කටයුතු නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

එසේම රාජකාරිය පැහැර හැරීමක් සම්බන්ධයෙන් මිනීමැරුමක් කළ බවට සඳහන් කරමින් අත්අඩංගුවට ගැනීම එක්තරා ආකාරයකින් ඔවුන්ට සිදුවූ අගතියක් බවද අධිකරණය පවසා තිබේ.

මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබීම සහ එය වළක්වා ගැනීමට මෙම සැකකරුවන් දෙදෙනාම සියයට සියයක් නිවැරදි පියවර ගෙන ඇති බව පෙනී නොයන නමුත්, ඔවුන්ගේ නොසැලකිල්ල හරහා මිනීමැරුම් සිදු වූ බවට තහවුරු කළ හැකි කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බව මහේස්ත්‍රාත්වරිය පවසා ඇත.

එසේම මෙමෙ දෙදෙනා සුව වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොස් ප්‍රකාශ ලබාදෙන ලෙසද අධිකරණය නියෝග කර තිබුණි.