Posted on 02.15.2022 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීන ගී පද රචකයකු මෙන්ම මාධ්‍යවේදියකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ කලක් රෝගාතුරව සිට ඊයේ අභාවයට පත් විය.
මියයන විට 74 වැනි වියෙහි පසුවූ ඔහු විසින් ලියන ලද රසික ආකර්ෂණයට පත් ගී පද අතර, නාඹර ගොයමට, කවිකාරියේ , සඳ මඬලේ සිට, හිම රේණු වැටෙනා සීතලේ, මිදුලේ මල් සූරිය ගහ මුදුනේ, බිඳුවක් ඉවසා අහන්න හිතවත, සතර අතින් කළුකරගෙන, සොඳුර මට සමුදෙන්න, සමකෝණි ත්‍රිකෝණයකි, සඳරේඛා සඳගිරි හිසෙන් ලැගුම් ගනි මගෙ ලෝකේ ආදිය කිහිපයකි. ඔහු විසින් රචිත ගී පද දහසකට වැඩි ගණනක් ජනප්‍රිය ගීත ලෙස ශ්‍රාවකයන් අතරට පත්ව ඇත.
මෙම කලාකරුවාගේ දේහය පෙබරවාරි 16 දා බදදා පෙරවරු10 සිට අංක 60, ෆොන්සේකා පාර, ලක්ෂපතිය, මොරටුව (අඟුලාන දුම්රිය පොළ පාරේ) ලිපිනයේ එතුමන්ගේ නිවසේ තැන්පත් කෙරෙනු ඇත.
17 දා බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 සිට බොරැල්ල ජයරත්න අවමංගල ශාලාවේ දේහය තැන්පත් කෙරෙන අතර එදිනම පස්වරු 4.00ට බොරැල්ල කනත්තේ දී ආදාහනය සිදු කෙරේ.