Posted on 08.26.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
බෞද්ධ චිත්‍ර නිර්මාණවලින් විශේෂ අවධානයක් දිනා ගත් ප්‍රවීන චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ අභාවප්‍රාප්ත විය.
අම්බලන්ගොඩ, ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සේමගේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ලලිත කළා උපාධිධාරියෙකි.
දේශීය සහ විදේශීය සම්මානයට පාත්‍ර වූ ඔහු වෙසක් තොරණ රැසකට චිත්‍ර නිර්මාණයෙන් දායකවී ඇති අතර සිංගප්පූරුවේ සහ මැලේසියාවේ බෞද්ධ සිද්ධස්ථානවල චිත්‍ර නිර්මාණය කිරීමෙන් දායක විය.
ශ්‍රී ලංකාවේ වැඩිම චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූ චිත්‍ර ශිල්පියා බවට හඳුන්වනු ලබන මෙම ජ්‍යෝෂ්ඨ චිත්‍ර ශිල්පියා, පුවත්පත් කීපයක චිත්‍ර ශිල්පියකු ලෙස ද කටයුතු කළේය.
චිත්‍ර ගුරුවරයකු මෙන්ම චිත්‍ර කලා උපදේශකයකු ලෙස කටයුතු කළ ඔහු අභාවයට පත්වන විට 83 වැනි වියේ පසුවිය.
මෙම ප්‍රවීන කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (26) පස්වරුවේ සිදුකෙරිණි.