தமிழ்
English
Contact
Friday 14th August 2020    
ප්‍රාදේශීය මාධ්‍යවේදියාට හිරිහැරකළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රාදේශීය මාධ්‍යවේදියාට හිරිහැරකළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට!



බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී ප්‍රාදේශිය මාධ්‍යවේදි බිමල් ශ්‍යාමේන්ට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 5 දෙනකු අද(25) රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පානදුර වැඩබලන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් හෙටදන තෙක් රක්ෂිත බන්ධනාගාරයට නියම කෙරිණි.
ප්‍රාදේශීය මාධ්‍යවේදියා විසින් සිය කටයුත්තක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදි කිසියම් පිරිසක් විසින් ඊයේ උදෑසන තම මෝටර් රථය හරස් කර බාධා එල්ල කළ බවට ඔහු විසින් තමන් සේවයකරන මාධ්‍ය ආයතන මගින් ප්‍රකාශයක් කරන ලදී. අදාල සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ රාත්‍රි එම සැකකරුවන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බණ්ඩාරගම, ප්‍රාදේශීය මාධ්‍යවේදියකුවන බිමල් ශ්‍යාමෙන් ජයසිංහ ඊයේ සිය මෝටර් රථයෙන් අටලුගම ප්‍රදේශයේ ආගමික නායකයෙකු සමග සාකච්ඡාවක් සිදු කර අදාළ පල්ලියේ වීඩියෝ දර්ශන ලබාගන්නට ඒහි ගිය අවස්ථාවේ පිරිසක් වටකර තර්ජනය කිරීම හා මෝටර් රථයට හානි සිදු කිරීමක් සිදු කළ බවට ඔහු විසින් පැමිණිලි කර තිබේ.

පිලියන්දල පදිංචි මෙම මාධ්‍යවේදියා මාධ්‍ය ආයතන ගණනාවකට සිය වාර්තාකරණය සිදුකරයි. ඔහු විසින් පල්ලිය වීඩියෝගතකිරීමට ගත් උත්සාහය වැලැක්වීමට රැස්ව සිටි පිරිස කෝපයෙන් මැදිහ්වන ආකාරය මාධ්‍යවේදියාගේ වීඩියෝ දර්ශනවල ඇතුළත් විය. ‘රාමසාන්’ උත්සව දිනයේ ආගමික කටයුතුවල යෙදීම සම්බන්ධ වාර්තාවකට ගමන් ඒම දර්ශන ලබාගන්නට පියවර ගත් නමුත් මෙවැනි බාධාකිරීම් නිසා වෘත්තිය කටයුත්ත අත්හැර දමන්නට සිදුවූ බව මාධ්‍යවේදියා පොලිසියට පවසා ඇත.

කෙසේවෙතත් ප්‍රදේශවාසින් පවසන්නේ ආගමික උත්සවය සම්බන්ධයෙන් සිදුවන මාධ්‍ය වාර්තාකරණයකට කිසිවකු නොමැති පල්ලියක දර්ශන අවශ්‍යවන්නේද යන්නය. මෙය මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් ද්වේශ සහගත ලෙස අවමන් කෙරෙන සමයක් බැවින් තමන්ට තවදුරටත් මාධ්‍යවේදින් සම්බන්ධ විශ්වාසයක් නැති බව ඔවුන් පවසා ඇත.