தமிழ்
English
Contact
Thursday 29th October 2020    
ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලා අභියාචනාධිකරණයට යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලා අභියාචනාධිකරණයට යයි



පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ රීට් පෙත්සමට අදාළව අතුරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය ලබන සඳුදා (07) ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර තිබේ.

ප්‍රේමලාල් ජයසේකර විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අද (04) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

සියලු පාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්න ද නැද්ද යන තීරණය ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව ද නිවේදනය කළේය.

එමෙන්ම ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාග වීම සඳහා අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව ද විනිසුරු මඩුල්ල පවසා තිබේ.