தமிழ்
English
Contact
Monday 26th October 2020    
ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි



බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (07) දිනයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව අද (08) ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වීමට බන්ධාගාරයේ සිට රැගෙන විත් තිබුණි.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන අවස්ථාවේ දී එම දිවුරුම්දීම නිත්‍යානුකූල නොමැති බවට චෝදනා කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටව ගොස් තිබුණි.